යුධ හමුදා නිල ඇඳුම් කොටස්, ව්‍යාජ හැඳුනුම්පත්, ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බංගම පොලිස් වසමේ බෝපිටිය ප්‍රදේශයේදීයි.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් කළ වැටලීමේදී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55ක් වන බෝපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිසිය සඳහන් කළේ සැකකරු බංගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළ බවයි.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මේ සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *