මාතර දෙස සිට හක්මණ දෙසට ධාවනය වූ කාර් රථයක් බස් රථයක ගැටී ඊයේ (13) අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ කෝමාන්ගොඩ ප්‍රදේශයේදීයි.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ කාර් රථයේ රියදුරු මාතර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා වයස අවුරුදු 24ක් වූ හතමුණ තිහගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව තිහගොඩ පොලිසීය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *