ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් කඩිනමින් ආනයනය කිරීම සඳහා හෙට (03) ටෙන්ඩර් විවෘත කරන බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ලුණු හිඟයට විසඳුමක් ලෙස ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළා.

රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ ඉන් පළමුව ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් ලබන 31වනදාට පෙර මෙරටට ආනයනය කිරීම සඳහා හෙට ටෙන්ඩර් විවෘත කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *