ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරු බදු පැනවීම ඇමරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (28) ලබාදුන් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බවයි.

එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟ වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබාදී ඇති බවත් එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මඟින් එම බලය ඉක්මවා යා නොහැකි බවත් මෑන්හැටන්හී පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබාදෙමින් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය විසින් මේ සම්බන්ධයන් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *