ඉතා සමීප මිත්‍රත්වයකින් කටයුතු කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලොව අංක එකේ බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් අතරේ මත ගැටුම් නිර්මාණය වී තිබෙනවා.
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති පනත, මස්ක්ගේ දැඩි විවේචනයට ලක් වී ඇති අතර, එම පනත හරහා අයවැය හිඟය වැඩිවන බව ද පෙන්වා දී තිබෙනවා. ට්‍රම්ප් ජනාධිපති ධුරයෙන් ඉවත් කළ යුතු බවත් මස්ක් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇති බවයි වාර්තා වන්නේ.
මීට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප්, මස්ක්ට තර්ජනය කර ඇත්තේ, මක්ගේ Tesla සහ Spacex සමාගම් සඳහා රජටෙන් ලැබෙන සහන සහ කොන්ත්‍රාත්තු කපා හරින බවයි.
ඊට අමතරව, තමන් නැතිව මස්ක්ට කිසිවක් කළ නොහැකි බවත්, ඔහු උමතුවෙන් ක්‍රියා කරන බවත් ට්‍රම්ප් පවසා තිබෙනවා.