භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් රැගත් පළමු විශේෂ ගුවන්යානය අද (05) මියන්මාරය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ වෛද්‍ය කණ්ඩායමක්, ජනතාව මුදවා ගැනීමේ කණ්ඩායමක් මෙන්ම සහන කණ්ඩායමක් ඒ අතර වන බවයි.

එසේම විපතට පත් ජනතාව වෙනුවෙන් ත්‍රෛනීකායික මහ නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් යුතුව රැස් කළ ආධාර තොගයද එම ගුවන්යානයෙන් රැගෙන යාමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *