තීරුබදු ඉහළ නැංවීම, රැකියා කප්පාදුව හා දැවැන්ත සමූහ පිටුවහල් කිරීම් ඇතුළුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ පියවර රැසකට එරෙහිව අමෙරිකාවේ සියලු ප්‍රාන්තවල විරෝධතා පැතිරී ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනාධිපතිවරයා පමණක් නොව එලෝන් මස්ක් සහ රිපබ්ලිකන් පරිපාලනය ඉලක්ක කරමින්
එම විරෝධතාවට මිලියන ගණනාවක අමෙරිකානුවන් සහභාගි වූ බවයි.
ජනාධිපතිවරයාට එරෙහිව තනි දිනයක පැවති විශාලතම විරෝධතාව ලෙස ඉතිහාසයට එක්වූ එම විරෝධතාවට ‘අත නොතබනු‘ තේමාව යටතේ සහභාගි වූ ජනතාව එම සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළ බවත්, ඊට සමගාමීව ලන්ඩන්, පැරිස්, බර්ලින් හා ෆ්‍රැන්ක්ෆර්ට් ඇතුළු ලොව පුරා තවත් රටවල ප්‍රධාන නගරවලත් ට්‍රම්ප් විරෝධී උද්ඝෝෂණ පැවති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.