ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

එහි අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ සඳහන් කළේ සේවාදායක සමාගම් වෙනුවෙන් අනුමතකර දී ඇති කිසිදු ජංගම දුරකථන පැකේජයක මිල ගණන් ඉහළ දැමීමට අවසර දී නොමැති බවයි.

කිසිදු මිල වැඩි කිරීමක් සිදු කර නොමැති බවට අදාළ සමාගම් විසින් ලිඛිතව දන්වා ඇති බවද ඔහු කියා සිටියා.

අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *