අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ පියා පෞද්ගලික බැංකුවක් හරහා දේශපාලනඥයන්ට සහ ඔවුන්ගේ හිතවතුන්ට රුපියල් මිලියන 1098ක් වටිනා චෙක්පත් 168ක් අත්සන් කර ලබා දී තිබෙනවා.
ඒ බව ප්‍රකාශ කළේ වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ඊයේ (20) පාර්ලිමේන්තුවේදීයි.
ඔහු ප්‍රකාශ කළේ ඇතැමුන්ට ඍජුවම මුදල් ලැබී ඇති අතර තවත් සමහරුන්ට මෙන්ඩිස් ඩිස්ටලරීස් වෙතින් එහි වයින් ස්ටෝර්ස් හරහා චෙක්පත් ලැබී ඇති බවයි.