පෞද්ගලික පරිහරණය සඳහා ලබා දී ඇති ගිනිඅවි යළි භාරදීමට ලබා දී ඇති කාලය කිසිදු විටෙක දීර්ඝ නොකරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශය සඳහන් කළේ දැනට පෞද්ගලික පරිහරණය සඳහා පොලීසිය සහ යුධ හමුදාව මඟින් බලපත්‍ර සහිතව ලබා දී ඇති ගිනිඅවි ජනවාරි 20වනදා වන විට ආරක්ෂක අමාත්‍යංශයට භාර දිය යුතු බවයි.

එලෙස ලබා නොදෙන ගිනිඅවි සන්තකයේ තබා ගන්නා පුද්ගයන්ට එරෙහිව නීතීමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *