පකිස්ථානයේ පව­තින ගෑස් හිඟය හේතු­වෙන් මෙවර රම­ලාන් මාසයේ පළමු දිනයේ උප­වා­සය සඳහා අලු­යම් කාලයේ ආහාර පිසී­මට නොහැ­කිවූ දහස් සංඛ්‍යාත ඉස්ලාම් බැති­ම­තුන්ට නිරා­හා­රව උප­වා­සය ආරම්භ කිරී­මට සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසු­ගිය 2වනදා ආරම්භ වූ රම­ලාන් උප­වා­සයේ පළමු දින­යේදී කරච්චි සහ රාව­ල්පිණ්ඩි නග­ර­වල පළාත් රැසක ඉස්ලාම් බැති­ම­තුන්ට එම තත්ත්ව­යට මුහුණ දීමට සිදුවූ බවයි.

මේ අතර රම­ලාන් උප­වාස සමයේ ජන­තාව මුහුණ දුන් මේ ගෑස් හිඟය සම්බ­න්ධව එරට අග­මැති ශෙබාස් ෂරීෆ්ගේ දැඩි අව­ධා­නය යොමුවී ඇති බවද, කිසිදු බාධා­ව­කින් තොරව අඛ­ණ්ඩව ගෑස් සැප­යී­මට කඩි­නම් පිය­වර ගෙන ඇති බවද පාකි­ස්තා­නයේ සමා ටීවී පුවත් සේවය වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *