ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම සඳහා වන සාකච්ඡා සඳහා සහභාගී වීමට හමාස් සංවිධානය සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව හමාස් සංවිධානයේ නියෝජිතයන් ඊජිප්තුවේ කයිරෝ නුවරදී සටන් විරාමයට අදාළ මැදිහත්කරුවන් සමඟ මේ වන විට සාකච්ඡා පවත්වා තිබෙනවා.

මේ අතර සටන් විරාම ගිවිසුමට අදාළ සාකච්ඡා සඳහා සිය කණ්ඩායමක් කටාර් රාජ්‍ය වෙත පිටත් කර හැරීමට කටයුතු කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළා.

ගාසා තීරයේ යළි සටන් විරාමයක් ප්‍රකාශ කිරීමේදී හාමාස් සහ ඊශ්‍රායලය අතර මැදිහත්කරුවන් ලෙස ඊජිප්තුව සහ කටාර් රාජ්‍ය කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *