ශ්රී ලංකාවට පැමිණි තෙල් නැවක් නැවත පිටත්ව ගිය බවට පළවන පුවත සම්බන්ධයෙන් ශ්රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා කරුණු දැක්වීමක් සිදු කළා.
ඒ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීයි.
එහිදී ඔහු කියා සිටියේ එම තෙල් නැව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන්වූ තෙල් නැවක් නොවන බවයි.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.