ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (05) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
ඔහු සමඟ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් උසස් නිලධාරීවරයෙක් ඇතුළු දූත පිරිසක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
දිවයිනට පැමිණි ඇමරිකානු නියෝජිත පිරිස මෙරට නව පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් සමාජයේ නියෝජිතයන් හමුවීමට නියමිතව තිබෙනවා.
ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා දෙසැම්බර් 10 වනදා දක්වා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ නේපාලය යන රටවල සංචාරය කිරීමට නියමිතයි.