ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කලා වැවේ හදිසි වාන් දොරටු 2ක් විවෘත කර තිබෙනවා.
කලා වැව භාර ඉන්ජිනේරුවරයා සඳහන් කළේ ජල ධාරිතාව අක්කර අඩි 83,821ක මට්ටමකට පැමිණීම හේතුවෙන් මෙම හදිසි වාන් දොරටු විවෘත කර ඇති බවයි.
ඒ අනුව තත්පරයට ගණ අඩි 1,018ක ධාරිතාවයකින් කලා ඔයට ජලය නිකුත් කරන බවයි වාර්තා වන්නේ.