සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වල සංවර්ධනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සහාය දක්වන බව එම සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩු ෆ්‍රාන්ච් පවසා තිබෙනවා.

ඒ මාක් ඇන්ඩෙ ෆ්‍රාන්ච් මහතා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සමඟ අමාත්‍යාංශයේ පැවැති හමුවකදීයි

එමෙන්ම කර්මාන්ත සංවර්ධනය කිරීමට රජයට පවතින සැලසුම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරකවරයා ඇතුළු නියෝජිත පිරිස අමාත්‍යවරයා වෙත සිය ප්‍රශංසාව පළ කර තිබෙනවා.

හඳුන්නෙත්ති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසට පෙන්වා දී ඇත්තේ මෙම වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 3කින් අපනයන ආදායම් වැඩි කර ගැනීමට සැලසුම් කර ඇති බවත් එහිදී අගය එකතු කළ නිෂ්පාදන අපනයනය සඳහා රජයේ අවධානය යොමු කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *