දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරුවලින් බහුතරයක් සිදුවී ඇත්තේ අනාරක්ෂිත ක්‍රමවේද සහිත දුම්රිය හරස් මාර්ගවල බවට අනාවරණය වී තිබෙනවා.

ඒ කෝපා කමිටුව හමුවට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගියද‍ා කැඳවූ අවස්ථාවේදීයි.

එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන්ගෙන් විමසීමක් සිදු කළා.

එහිදී දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක් පමණ මෙරට පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *