2025 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.

ඒ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ ආරම්භ වූ කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.

එමෙන්ම ජාතික අවම මාසික චේතනය සහ ජාතික අවම දෛනික චේතනය සංශෝධනය කිරීමටත් ඊට අදාළ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *