ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්.කෙනඩි ඝාතනයට සම්බන්ධ තොරතුරු රැසක් ඇතුළත් ලිපිලේඛන 2,182ක් ප්‍රසිද්ධ කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ 1963 වසරේදී ඝාතනයට ලක්වූ ජෝන් එෆ්.කෙනඩිගේ මරණය සම්බන්ධ මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් එම ලිපිලේඛනවල අඩංගු වී ඇති බවයි.
දශක 6කට වැඩි කාලයක් පුරා අබිරහසක් ලෙස පැවැති කෙනඩි ඝාතනය ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම අපකීර්තියට පත්වූ ඝාතනයක් ලෙස සැලකෙන අතර ඒ පිළිබඳ රජය සතු ලිපිගොනු ප්‍රසිද්ධියට පත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කරනු ලැබුවේ ජනපති ධුරයේ දිවුරුම් දීමේ උණුසුම මැකී යෑමටත් පෙර බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.