බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව බස් රථ සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ලබාදෙන ධාවන බලපත්‍රවල අඩංගු කොන්දේසි සහ පළාත් සභාවලින් බස් රථ ධාවන බලපත්‍ර නිකුත් කිරීමේ අඩංගු කොන්දේසි සියල්ල එක්කර ගනිමින් එම මගී අයිතිවාසිකම් ලැයිස්තුව පිළියෙළ කරන බවයි වාර්තා වන්නේ.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේ මෙම කරුණු සම්බන්ධයෙන් බස් රථ සංගම් සහ මගී සංගම් සමඟ සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට නියමිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *