දිවයිනේ ප්‍රධාන සහ මධ්‍යම ජලාශ බොහෝ ප්‍රමාණයක වාන් දොරටු විවෘත කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.
ඒ පසුගිය 16වනදා සිට පසුගිය දිනවල උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන්.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ ප්‍රධාන ජලාශ 73න් 31ක් මේ වන විටත් වාන් දමමින් පවතින බවයි.
ඒ අනුව දිවයිනේ ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාව 80.2% දක්වා ඉහළ ගොස් තිබෙනවා.