හික්කඩුව පොලිස් වසමේ නාරීගම වෙරළ තීරයේ ඊයේ (03) දියනෑමට ගිය විදෙස් ජාතික යුවළක් දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී බේරාගෙන තිබෙනවා.

ඒ එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්තව සේවය කරන නිලධාරීන් 5දෙනෙක් විසින්.

පොලිසිය සඳහන් කළේ විශාල ශ්‍රමයක් දරා ඔවුන් බේරාගෙන මූලික ප්‍රථිකාර ලබාදී ඇති බවයි.

අනතුරට පත් පුද්ගලයා වයස අවුරුදු 26ක් සහ කාන්තාව වයස අවුරුදු 25ක් වන රුසියානු ජාතික යුවළක් බවද පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *