අලිගැටපේර ප්‍රවාහනය කළ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තකට පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ අනතුරෙන් කැබ් රථයේ රියදුරා සහ කැබ් රථයේ ගමන් ගත් අයෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *