පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වැලිකන්ද පොලිස් වසමේ නාගස්තැන්න ප්‍රදේශයේදීයි.
කැණීම් කිරීමට යොදාගන්නා උපකරණ සමඟ ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ වැලිකන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙලෙස වැටලීමක් සිදු කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 47ක් සහ 50ක් යන වයස්වල පසුවන වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන්.
වැලිකන්ද පොලිසිය විසින් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.