ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.
ඒ අනුව ජගත් පරිසර දින ජාතික සැමරුම් උත්සවය කෑගල්ල නිදහස් මාවත පරිශ්රයේදී පැවැත්වීමට නියමිතයි.
මෙම උත්සවය අද උදෑසන 09.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
1972 ජුනි මස 5වනදා ස්වීඩනයේ ස්ටොක් හෝම් නුවරදී ආරම්භ වූ මානව පරිසරය සුරකීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ සමාරම්භක සමුළුවේදී ගත් තීන්දුවට අනුව වාර්ෂිකව පැවැත්වෙන ලෝක පරිසර දින සමුළුවට අද වසර 53ක් සපිරෙන බවයි සඳහන් වන්නේ.