බැංකොක් සිට මෙරටට පැමිණි කාන්තාවන් තිදෙනෙක් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළ බවයි.

සැකකාරියන් සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 248ක ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

සැකකාරියන් වයස අවුරුදු 25, 48 සහ 50 පසුවන මාළිගාවත්ත සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය ප්‍රකාශ කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *