පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග මේ වන විට වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (11) මෙරටට ආනයනය කරන ලද පළමු සහල් තොගය රේගුවෙන් මුදාහැරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයන​ය කිරීම සඳහා රජය විසින් පසුගියදා අවසර ලබා දුන්නා.

ඒ රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන්.

ඒ අනුව ආනයනකරුවන් විසින් සහල් ආනයනය කිරීමට පියවර ගත් අතර ඊයේ සහල් කිලෝ 75,000ක් රේගුවෙන් මුදාහැර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *