හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර හෙට (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිතයි.
ඔහුගේ නීතිඥවරයා අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ මනූෂ නානායක්කාර ප්‍රකාශයක් ලබාදීමටද සූදානම් බවයි.
ඒ දකුණු කොරියාවේ රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
මනූෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම අද (20) කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් එය අධිකරණයට දැනුම්දී තිබෙනවා.