මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඌරුබොක්ක පරෙයිදෙනිය ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන මොරගල, කිරිලිපන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ඌරුබොක්ක පොලීසිය සඳහන් කළා.