දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකොන් ඩුබායිහී පැවත්වෙන ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරගාවලිය වෙනුවෙන් අද (09) එක්වීමට නියමිතව තිබෙනවා.

ඒ මීටර් 100 ශ්‍රී ලංකා සහය දිවීමේ ඉසව්ව වෙනුවෙන්.

2019 වසරේ දෙසැම්බර් මාසයේ නේපාලයේ පැවති දකුණු ආසියාතික තරගාවලියේදී යුපුන් ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට රන් පදක්කමක් ලබාදීම සදහා දායකත්වය ලබාදී තිබෙනවා.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 9.30ට ආරම්භ වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *