ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ ඇණගසා මරණයට පත් කරනු ලැබීමේ දුක්ඛප්‍රාප්තිය සිහි ගන්වමින් මහ සිකුරාදා දිනය සමරනු ලබන්නේ දේව පුත්‍රයාණන් අනුස්මරණය කරමින්.

ලොව පුරා කිතුණු බැතිමතුන් දේවස්ථානවලදී ආගමික වතාවත්වල යෙදෙමින් මහ සිකුරාදා දිනය සමරනු ලබනවා.

කිතුණු ජන වන්දනාවේ සුවිශේෂී දිනයක් ලෙස මහ සිකුරාදා දිනය හැදින්වෙන අතර මහ සිකුරාදා දිනයට පසු එළඹෙන ඉරිදාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් පසු උට්ඨාන වීම සිහිපත් කරනු ලබයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *