දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩවන ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලාගෙන වන්දනා කිරීමේ සිරි දළදා වන්දනාව 5වන දිනටත් අද ක්‍රියාත්මක වනවා.

පසුගිය දින කිහිපයේදීම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දළදා වහන්සේ වැඳපුදා ගැනීමට සහභාගී වූ අතර අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව ජනතාවට උදාවූයේ පසුගිය 18 වනදා සිටයි.

එදින සිට සිරි දළදා වන්දනාව පැවැත්වෙන පස්වන දිනය වන අද දිනය වනවිට ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් සැදැහැවතුන් පිරිසක් දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙමින් සිටිනවා.

ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීමට ද පියවර ගෙන තිබෙන අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදාව මෙන්ම පාර්ශ්ව රැසක් සහාය ලබා දෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අද සිට පෙරවරු 11 සිට පස්වරු 5.30 දක්වා සිරි දළදා වන්දනා ප්‍රදර්ශනය පැවැත්වෙන බව ඊයේ නිවේදනය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *