ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූයේ අද වැනි බක් පුර පසළොස්වක පොහෝ දිනකයි.

චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයට පත් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.

එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලෙකුගේ රුව දැකීම සිදුව ඇත්තේ බක් පුර පසළොස්වක පොහෝ දිනකයි.

බක් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් අද උදෑසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් රැසක් සිදු කරනු ලබනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *