සිරි දළදා වන්දනාව දෙවන දිනටත් අද (19) දහවල් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව දළදා වන්දනාව අද දහවල් 12 සිට පස්වරු 5:30 දක්වා පැවැත්වීමට නියමිතයි.

දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අතිවිශාල සැදැහැවතුන් පිරිසක් තවදුරටත් පෝලිම්වල රැඳීසිටින අයුරුද දැකගත හැකිව තිබෙනවා.

එමෙන්ම දළදා වහන්සේ වන්දනා ක‍ර ගැනීමට මාර්ග තුනකින් ප්‍රවේශ වීමට හැකියාව පවතීයි.

මේ අතර සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා අද දිනයේ ද විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *