බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කළ හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සහ ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *