ලබන මස 06වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට නම් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීම ලබන 29වනදා දක්වා සිදු කෙරෙන බවයි.

එමෙන්ම එම දිනයෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත් නොලැබූ ඡන්ද හිමියන්ට තමන් ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *