බෙරගල – වැල්ලවාය මාර්ගයේ විහාරගල ප්‍රදේශයේදී (184km) පස් කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අවහිර වී තිබෙනවා.
ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට දැනුම් දී ඇත්තේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
එමෙන්ම විකල්ප මාර්ග ලෙස ඇල්ල – වැල්ලවාය මාර්ගය භාවිත කළ හැකි බවද බදුල්ල දිස්ත්‍රික් බලධාරීන් ප්‍රකාශ කළා.
අවහිරවී තිබෙන මාර්ගයේ පස් ඉවත් කිරීම සඳහා අදාළ පාර්ශ්වයන් දැනුවත් කර ඇති බවත් හැකි ඉක්මණින් එම කටයුතු සිදුකරන බවත් බලධාරීන් පවසනවා.
අද (19) අලුයම මෙම සිදුවීම වාර්තාවූ බවත් පස් කඩාවැටීම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබූ බවත් එම ප්‍රදේශයේ බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.
(rednewsalert.lk)