මහේස්ත්රාත්වරුන්, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 106දෙනෙක්ට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේ අදාළ ස්ථාන මාරුවීම් සැප්තැම්බර් 15වනදා සිට ක්රියාත්මක වන පරිදි ලබාදී ඇති බවයි.
මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ මහේස්ත්රත්වරුන්, අතිරේක මහේස්ත්රාත්වරුන්, දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් ස රෙජිස්ට්රාර්වරුන් සඳහායි.
අධිකරණ සේවා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ මීට අමතරව අධිකරණ පුහුණු ආයතනයේ පුහුණුව ලැබූ 17දෙනෙක් මහේස්ත්රාත්වරු, අතිරේක දිස්ත්රික් විනිසුරුවරුන් ලෙස පත්වීම් ලබා ඇති බවයි.