ගාසා තීරයේ ජබාලියා ප්‍රදේශයේ නිවාස කිහිපයකට ඊශ්‍රායලයප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 15දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එමෙන්ම තවත් පුද්ගලයන් 10 දෙනෙක් පමණ අතුරුදහන් වී තිබෙනවා.
දිගින් දිගටම එල්ල වන ප්‍රහාර හමුවේ ගාසා උතුරු ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාවලට වෛද්‍ය සැපයුම් හිඟතාව නිසා දැඩි අභියෝගවලට මුහුණදීමට සිදු වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.