ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

එම අදාළ බදු පැනවීම ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කර ඇති අතර 05වනදා සිට එය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම කර ඇත්තේ. ‍

එමෙන්ම ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වා තිබීම විශේෂත්වයක් වනවා.

අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීම සිදු කළ බවයි ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ.

ඒ අනුව සියලුම ආනයන සඳහා සියයට 10ක තීරු බද්දක් ඇතුළත් වනවා.

ශ්‍රී ලංකාව ලොව වැඩිම තීරුබදු පැනවූ පළමු රටවල් පහ අතරට ඇතුළත් වීමද විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *