රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇති වූ භූ කම්පනය හේතුවෙන් සුනාමි රළ සෙන්ටිමීටර් 30ක උසකින් උතුරු ජපානයේ වෙරළ තීරයන් වෙත ඇතුළු වී තිබෙනවා.

ජපානයේ කාලගුණ ඒජන්සිය සඳහන් කළේ ජපානයේ උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයේ ඔසාකා නගරයට දකුණින් වකයාමා දක්වා මීටර් තුනක් දක්වා සුනාමි රළ අපේක්ෂා කරන බවයි.

සුනාමි තත්ත්වය යටතේ මේ දක්වා කිසිඳු තුවාලයක් හෝ හානියක් වාර්තා වී නොමැති බව ජපානයේ ගිනිනිවීමේ හා ආපදා කළමනාකරණ ඒජන්සිය සඳහන් කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ හොකයිඩෝ සිට ඔකිනාවා දක්වා විහිඳෙන ජපන් වෙරළ තීරයේ අවට නගර සභා 133කට අයත් ලක්ෂ 9කට අධික පිරිසක් මේ වනවිට එම ස්ථානයන්ගෙන් ඉවත්කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *