දකුණු ෆ්ලොරිඩාවේ සිදුවූ ගුවන්යානා අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සැහැල්ලු ගුවන් යානයක් වන අතර ඇමරිකාවේ වේලාවෙන් ඊයේ (11) පෙ.ව. 10.20ට පමණ මෙම අනතුර සිදුවී තිබෙන බවයි.

එය බොකා රැටන් සිට ටලහසී ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යන අතරතුර බොකා රැටන් හි අධිවේගී මාර්ගයක් අසලට කඩාවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

යානය කඩා වැටෙන අවස්ථාවේදී අධීවේගී මාර්ගයේ ගමන් කරමින් සිටි මොටර් රථ රියදුරෙකු ඉන් බේරීමට උත්සහ දැරීමේදී අසල තිබූ ගසක ගැටී තුවාල ලබා තිබෙනවා.

කෙසේ නමුත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන අතර ගුවන් යානය අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බවයි වාර්තා වන්නේ.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *