අන්තරාදායක ලෙස දැව පටවාගෙන ගමන්ගත් ලොරි රථ දෙකක් අද (7) පෙරවරුවේ වාද්දූව පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදුවන රථ වාහන අනතුරු අවම කරගැනීම සඳහා වාද්දූව පොලීසියේ රථවාහන අංශය සිදුකළ විශේෂ සෝදිසි කිරීමක් අතරතුරදීයි.

එහිදී මෙම ලොරි රථ දෙක තුළ විශාල ප්‍රමාණයේ දැව කොටන් අසුරා තිබීම සහ දැව ප්‍රවාහනය කිරීමේදී භාවිතා කළ යුතු මූලික උපදෙස් අනුගමනය කර නොමැති බව අනාවරණය වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *