නවක වධය සම්බන්ධයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ තවත් සිසුන් දෙදෙනෙක් අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ එම විශ්වවිද්‍යාලයේම සිසුවෙක් නවක වධය නිසා පසුගිය දිනක සියදිවි නසා ගැනීමේ සිදුවීම මුල් කරගනිමින්.
සැකකරුවන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මෙම සිද්ධියට අදාළව මේ දක්වා සැකකරුවන් 10දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(rednewsalert.lk)