අකුණු සැර වැදීමෙන් ප්‍රදේශ දෙකකදී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් තිබෙන්නේ අම්පාර ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක් සහ කඳපොළ ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

පොලීසිය සඳහන් කළේ සිය නිවසේ විදුලි බල්බයක් මාරු කිරීමට යාමෙන් විදුලි සැපයුමේ වූ දෝෂයක් හේතුවෙන් විදුලි සැර වැදී කාන්තාව මියගොස් ඇති බවයි.

එමෙන්ම 74 හැවිරිදි පිරිමි පුද්ගලයා මියගොස් ඇත්තේ වගා ආරක්ෂාව සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *