ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සාම ගිවිසුමකට පෙර රුසියාව සහ යුක්‍රේනය අල්ලා ගත් භූමි නිදහස් කළ යුතු බවට කළ යෝජනාව යුක්‍රේන ජනපති Volodymyr Zelenskyy ප්‍රතික්ෂේප කර තිබෙනවා.
යුක්‍රේන ජනපතිවරයා මෙලෙස ප්‍රකාශ කර ඇත්තේ අලෙස්කාවේදී රුසියානු සහ ඇමරිකානු ජනාධිපතිවරුන් අතර හමුව පැවැත්වීමට දින 02කට පෙරයි.
එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ සටන් විරාමයක් සඳහා ඩොන් බාස් කලාපය අත්හැරීමේ රුසියානු යෝජනාවද යුක්‍රේනය විසින් ප්‍රතික්ෂේප කරන බවයි.