පසුගියදා නිකුත් කළ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සඳහා වන ප්‍රවේශ අත්පොත අද(02) නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා.

ඒ අනුව විශ්වවිද්‍යාල සඳහා ඔන්ලයින් ලියාපදිංචිය ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතයි.

මෙවර විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා සඳහා සිසුන් 43,300ක් ඇතුළත් කර ගැනීමට සැලසුම් කර තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ප්‍රකාශ කළේ වික්‍රාමාරච්චි අයුර්වේද විශ්වවිද්‍යාලයේ නව උපාධි පාඨමාලාවක්ද හඳුන්වා දී ඇති බවයි.

සේවා කළමනාකරණය පිළිබඳව එම උපාධි පාඨාමාලව මඟින් අධ්‍යයනයට සිසුන්ට පහසුකම් සලසා ඇති බව කොමිසම ප්‍රකාශ කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *