න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් ඉරානය සමග සෘජු සාකච්ඡා පවත්වන බව ඇමෙරිකා ජනාධිපතිවරයා පවසනවා.
ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මේ බව සඳහන් කළේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ධවල මන්දිරයේ දී හමුවූ අවස්ථාවේදීයි.
මෙවර මැදිහත්කරුවන්ගේ තොරව ඇමෙරිකාව , ඉරානය සමග සෘජු සාකච්ඡා පවත්වන අතර එම සාකච්ඡා ලබන සෙනසුරාදා දිනයේ දී පැවැත්වෙන බවයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළා.
සාකච්ඡා සඳහා තම පාර්ශවය සහභාගී වන බවට ඉරාන විදේශ අමාත්‍යවරයා තහවුරු කර තිබෙනවා.