ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය මස 20 වන දින අත්සන් තබන ලද විධායක නියෝගයකට අනුව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අරමුදල් සපයන විදෙස් ව්‍යාපෘති දින 90ක කාලයක් සඳහා අත්හිටුවන ලෙස නියෝග කර තිබෙනවා.

එම නියෝගයට අනුව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති රැසක් අත්හිටුවා තිබෙන බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID විසින් පවත්වාගෙන යනු ලබන නිල වෙබ් අඩවිය ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම් රැසක් ද මේ වන විට අක්‍රීය කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *