වසර 11ක කාල­යක් තායි­ල­න්තයේ රඳවා තබා­ගෙන සිටි චීනයේ උයි­ගර් ප්‍රජා­වට අයත් පුද්ග­ල­යන් 40 දෙනක් රටින් පිටු­ව­හල් කිරි­මට එරට බල­ධා­රීන් පිය­වර ගෙන තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කොමි­සම තායිලන්තයට චෝදනා කළේ උයි­ගර් ජාති­ක­යන් රටින් පිටු­ව­හල් කිරීම
ජාත්‍ය­න්තර මානව හිමි­කම් උල්ලං­ඝ­නය කිරී­මක් බවයි.

ජාත්‍ය­න්තර රැක­ව­ර­ණය අවශ්‍ය පුද්ග­ල­යන් සඳහා වන ජාත්‍ය­න්තර නීති­යට ගරු කරන ලෙස ඊට බැඳී සිටින තායි­ල­න්තයේ බල­ධා­රීන්ට අවස්ථා ගණ­නා­ව­කදී අව­වාද කළ බවත්, එසේ පිටු­ව­හල් කළ පුද්ග­ල­යන්ගේ වත්මන් තත්ත්වය පිළි­බඳ තොර­තුරු හෙළි කිරී­මට චීනය පිය­වර ගත යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කොම­සා­රිස් වෝකර් ටර්ක් ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *